අද නම් ලස්සන දවසක් 🤩

4개월 전

image.png

අද මන් අරන් ආවෙ මම ගිහිපු පොඩි ගමනක් ගැන කතාවක්. මම අද ගාලු කොටුවට ගියා යාලුවෙක් හම්බෙන්න. අපිත් එක්ක කැම්පස් සිලෙක්ට් උන යාලුවෙක්. ඉතින් උදේ ගිහින් මිනිහව හම්බ වෙලා එක එක දේවල් කතා කර කර ඉදල මම ගෙදර එන්න පිටත් උනා. ඉතින් මම කොටු පවුර ලග තියෙන පාරෙන් බයික් එකේ එද්දි මම දැක්ක හරි ලස්සන නිර්මානයක්. ඒකත් සුද්දගෙ කාලෙ හදපු එකක් තමයි. නිල් පාට අහසත් එක්ක ඒ අමුතු නිර්මානය මාර ලස්සන විදිහට මට පෙනුන.ඉතින් මන් ටක් ගාල බයික් එක නතර කරල කැමර් එකත් ඕපන් කරගෙන එතනට කිට්ටු උනා.

image.png

එතනට ගිහින් හිතේ හැටියට එක එක ඈන්ගල් වලින් මම ෆොටෝ ටිකක් ගත්තා. මම ඒ ටික ඔයාල එක්ක බෙදාගන්නම්. මම ඇත්තටම හිතන් හිටියෙ කෙලින්ම ගෙදර යන්න උනත් ඒක දැක්කම තව ෆොටො ටිකක් අරගෙනම ගෙදර එන්න හිතුනා. ඉතින් හෙමින් හෙමින් මම කොටු පවුරට නැගගත්තා. ටිකක් අමාරුයි වටේ බලන්න මොකද කපල් ඉන්නව අහුමුලු වල.

image.png

එහෙම කවුරුත් නැති තැනකට වෙලා ෆොටෝ ගන්න අතරෙ ඉතින් අපේ රටේ සුපුරුදු දර්ශනයක් දකින්න ලැබුනා.ඒ තමයි නොදිරන අපද්‍රව්‍ය. ඒකෙත් ෆොටෝ එකක් ගන්න මම අමතක කරේ නෑ. ඉතින් ඔහොම ඔහොම එක එක විදිහෙ ෆොටෝ අරන් මම ගෙදර ආවා.

image.png

image.png

image.png

ගෙදර ඇවිල්ලා ෆොටෝ ටික බලද්දි මට හිතුනා ඒවයි මම කැමති දෙක තුනක් පොඩ්ඩක් එඩිට් කරන්න. මුලින් මම හිතුවෙ සිනමැටික් කලර් ග්‍රේඩියන්ට් එකක් දානවා කියලා.ඒත් පස්සෙ හිතුනා නෑ මම මේවා HDR කරනවා කියලා. එහෙම කරද්දි එකම ෆොටෝ එකේ වෙනස් එක්ස්පෝසර් ලෙවල් තුනක ෆොටෝ තියෙන්න ඕන.ඒත් මම් එහෙම ගත්තෙ නැති නිසා ෆෝන් එකෙන්ම ෆොටෝ එකේ එක්පෝසර් ලෙවල් හැදුවා.ඊට පස්සෙ ඒ ටික ලැප් එකට දාලා Photomatix Pro කියල සොෆ්ට්වෙයා එකෙන් ෆොටෝ දෙකක් HDR කරා. මේ තියෙන්නෙ මම මුලින් කරපු එක.

image.png

ඊලගට ගත්තෙ තනකොල පදුරක් ෆෝකස් කරලා බැක්ග්‍රවුන්ඩ් එක විදිහට මුහුද බ්ල්ර් වෙලා පේන ඉමේජ් එකක්. කොහොම හරි මම ඒ විදිහට ෆොටෝ තුනක් අරන් තිබුනා.ඒත් පොඩ්ඩක් ෆ්රේම් වෙනස් වෙලා තිබ්බා. මම ඉතින් ඔන්න ඔහෙ කමක් නෑ කියල ඒ ටික දාලා HDR කරා. මුලින්ම අවුට් පුට් එක විදිහට කිසිම පැහැදිලි බවක් නැති ඉමේජ් එකක් තමයි හම්බුනේ. ඊලගට මම පොඩි පොඩි ඇජස්මන්ට් ටිකක් කරහම ඔයිල් පේන්ට් එකක් වගේ අමුතු විදිහට එකක් ආවා.ඉතින් මම් ඒක ඒ විදිහටම සේව් කරා. මේ තියෙන්නෙ ඒක. ඔන්න ඔහොමයි මගෙ කොටුවෙ ගමන අවසන් වෙන්නෙ.

image.png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

A photo tika maru. 💝💝

සුපිරි ⁣photo ටික…. 💖

ඒ ටික නම් ගති 😍

ඒ ෆොටෝ ටික නම් මාර ලස්සනයි😍❤

Photo tika lassanai malli 😍.