අද මම ඔයාලට කියන්නෙ යන්නෙ අද දවසෙ මම කාපු කෑම වර්ග ගැන. ඒ තමයි වරකා සහා ගාර්ලික් බ්‍රෙඩ්. ගාලික් බ්‍රෙඩ් නම් කෑවෙ පලවෙනි පාරට. ඒකත් හරිම් එක නෙවේ. ඒක හදපු හැටිත් මම කියන්නම් කො . අපි කතා කරමු වරකා ගැන. අපි හැමෝම දන්නවනෙ ඉතින් කොස් ගෙඩියම ත්මයි වරකා වෙන්නෙ කියලා. මුලින්ම ඉන්දියාවෙ තමයි වරක ගස් තිබ්බෙ කියල සදහන් වෙනවා. මේ වෙද්දි Thailand, Australia, Africa, Brazil, and the Philippines කියන රටවලත් වගා කරනවා. ඔයාලා දන්නවද වරක වල තියෙන පෝශන ගුන ගැන. මෙන්න මේ විදිහට තමයි අන්තර්ජාලයේ සදහන් වෙන්නෙ
Calories: 157
Fat: 2 grams
Carbs: 38 grams
Protein: 3 grams
Calcium: 40 milligrams
ඒ වගේම වරකා වල විටමින් සී සහ කනිජ බහුලව තියෙනව. ඒ වගේම එහි තියෙන carotenoids අපේ ශරීරය නිසි පරිදි ක්‍රියා කරන්න සහ අපේ සෛල ආරාක්ශා කරන්න දායක වෙනවා. ඒ වගේම පිලිකා ,හදවත් රෝග, අක්ශී ආබාද වගේ රෝගත් වලක්වාගන්න මේ පලතුරට පුලුවන්. ඒ වගේම අදි රුදිර පීඩනය , දිය වැඩියාව වගේ රෝගවලටත් හොද ආහාරයක් විදිහට මේ වරකා සලකන්න පුලුවන්. ඉතින් මේ වගේ රස ගුන දෙකම තියෙන පලතුරක් නොකා ඉන්න එකනම් මෝඩ කමක්. ඉතින් එහෙනම් ඊලගට අපි යමු ගාර්ලික් බ්‍රෙඩ් පැත්තට.
ම්ම් ගාලික් කියන්නෙත් අපි කොච්චර අකමැති උනත් හරිම ගුන ආහාරයක්. සැර සුවදක් එක්ක සැර රසක් තිබුනට ගාලික් වලට පුලුවන් අපේ ප්‍රතිශක්තිකරණ පද්දතියෙ කාර්යක්ෂමතාව වැඩි kකරන්න.ඒ වගේම මොලයේ සහ හදවතේ සෞඛ්‍ය තත්වය හොදින් පවත්වාගෙන යන්නත් උපකාරී වෙනවා වගේම අදි රුදිර පීඩනයටත් හොද ඖෂධයක් තමයි සුදුලූනු. ඒ වගේම ඇගේ තියෙන තෙල් අඩු කරගන්න කැමතිනම් දිනපතා සුදුලූනු සහ ගොරකා උනු වතුරට දාල පැයකින් දෙකකින් වගේ බොන්න පුලුවන්. සුදුලූනු ග්‍රෑම් තුනක මෙන්න මේ විදිහෙ පෝශන ගුනයක් අන්තර්ගත වෙනවා ,
Manganese: 2% of the Daily Value (DV)
Vitamin B6: 2% of the DV
Vitamin C: 1% of the DV
Selenium: 1% of the DV
Fiber:
0.06 grams
දැන් බලමු ගාලික් බ්‍රෙඩ් එක හැදුවෙ කෝමද කියලා. ඒකනම් හරිම ලේසියි. බටර් හෝ ඇස්ට්‍රා අරගෙන ඒකට අමු මිරිස් , ගම්මිරිස් කුඩු , කෑලි මිරිස් සහ ලුනු අවශ්‍ය ප්‍රමානෙට දාලා ඒකටම හොදට බ්ලෙන්ඩ් කරගත්ත සුදුලූනු මික්ස්චර් එක එකතු කරල කවලම් කරලා පාන් පෙති වල ගාගන්න. ඊට පස්සෙ පෑන් එකකට තෙල් ටිකක් ටිකක් ගාලා ඒකට පාන් පෙත්ත දාගන්න. බටර් එක ත්ද කහ පාට වෙනකන් පාන් පෙත්ත දෙපැත්ත දාගෙන රත් කරන්න. දැන් ඉතින් කන්න පුලුවන්.
Ade malli waraka kewe na huga kalekin. Dakkamath asai.
දැක්කත් කෙළ උනනවා. වරකා තියෙන දවසට මං බත් කන්නෙත් නෑ.🙂
Hariyatama qwa...
we also have jackfruit plants, jackfruit is very sweet, even jackfruit can also be used as a mixed meal for culinary purposes in aceh.
Waraka kawe na huga kalekin. Math asama kamak. 😍
Bread tika dekkma nam hadanna hithenawa... Oyath maru weda thama karanne malli...
Garlic bread නම් ඇබ්බැහි වෙන සුළුයි නේ 😂😂
ම්ම්ම් වරකා 😍🙈
ඒ මල්ලි..ඉන්න බැරි කරන් එපා බං.ඕව දාල..😋😋😋