ෆිල්ම් එකක් හරි ටීවී සීරීස් එකක් හරි බලාගෙන යද්දි ගොඩාක් දුරට ඒකෙ අවස්සානෙ ගැන පොඩි අවබෝදයක් අපිට් ලැබෙනවනෙ. ඒත් එහෙම නොවෙන වෙලාවලුත් තියෙනව. එහෙම ෆිල්ම් ටීවී සීරීස් අයිති වෙන්නෙ ප්ලොට් ට්ව්ස්ට් කියන කාන්ඩයට. අද මම කියන්න යන්නෙ ටීවී සීරීස් එකක් ගැන. සීසන් එකයි එපිසෝඩ් අටයි. අලුත් සීසන් නෑ. දවස් දෙකෙන් බලල ඉවර කරන්න පුලුවන්. මේකත් ප්ලොට් ට්විස්ට් තමයි හැබයි අපි හිතන අවසානයක් නෙවෙයි ඒකෙ තියෙන්නෙ. අන්න ඒ නිසා තමයි මම මේක ගැන ලියන්න හිතුවෙ. කතාවෙ නම Mare of Easttown. 2021 තමයි රිලීස් උනේ. කතාවෙ ප්රදාන චරිතෙට ඉන්නෙ මේයර් කියල පොලිස් නිලදාරිනියක්. ඉතින් කතාවෙ මුල් එපිසෝඩ් දෙකේම වගේ කතාවට අදාල චරිත පිලිබද හොද අවබෝදයක් ගන්න පුලුවන් විදිහට ගලාගෙන යනවා. ඉතින් මේ කතාව මිනී මැරුමක් විමර්ශනය කරන එකක් වටා තමයි ගෙතිල තියෙන්නෙ.

Source
ඊස්ටවුන් කියන නගරයේ හැමෝම වගෙ මේයර් ගේ ලගම හිතවතුන්. මීට අවුරුද්දකට විතර කලින් නගරයෙ එක ගෑනු ලමයෙක් එක පාරම අතුරුදහන් වෙලා තිබුනා. මේ පිලිබද කොච්චර හෙව්වත් පොලීසියට ඒක හොයාගන්න බැරිවෙලා. මේ අතරෙ මේ නගරයේ ඉන්නවා එරීන් මැක්මිනන් කියල ගෑනු ලමයෙක්. ඇයට අවුරුදු 18 ක්වත් නැතුව ඇති. ඒත් ඇයට ලමයෙක් ඉන්නවා. ලමයගේ තාත්තාත් එච්චර වයසක් නැති පිරිමි ලමයෙක්. ඉතින් කොහොමහරි මේ එරින් කියන කෙනා අභිරහස් විදිහට ඝාතනය වෙනවා. මේ ඝාතනය පිටිපස්සෙ ඉන්නෙ කව්ද?. මේ ගැන මේයර් සහ තව රහස් පරීක්ශකයෙක් එකතු වෙලා හොයනව. ඒත් කිසිම දෙයක් හොයාගන්න බැරි වෙනවා. අපිට මුලින්ම හිතෙන්නෙ එරීන්ගෙ හස්බන්ඩ් මේ මිනීමැරුම කරා කියලා. නමුත් ඔහුට විරුද්දව කිසිම සාක්ශියක් නෑ. මේ අතර මේ නගරයේ ගෑනු ලමයි අමතර මුදල් හොයාගන්න අරමුනින් ගණිකා සේවයේ නිරත වෙනව කියල හොයාගන්නවා. අවුරුද්දකට කලින් අතුරුදහන් උන ගෑනු ලමයිත් ඒ විදිහට ඊට අදාල වෙබ් සයිට් එකක තමයින්ගෙ ෆොටෝ දාලා තිබුනා .ඒ වගේම මේ එරීන් කියන ගෑනු ලමයත් ඒ සයිට් එකේ ෆොටෝ දාලා අහු වෙනවා.
ඉතින් මේ විදිහට කරුනු හොයාගෙන යද්දි සැක සහිත කෙනෙක් හම්බෙනවා. එයාව කිසිම වෙලාවක කතාව ඇතුලෙ අදුන්වාදීමක් උනේ නෑ. කොහොම හරි අවුරුදකට කලින් අතුරුදහන් උන ගෑනු ලමය සහ තව ගෑනු ලමයෙක් ඒ ගෙදර ඉදල හම්බෙනවා. ඒත් ප්රශ්නෙ ඉවරද? කෝ එරීන්ව මරපු කෙනා. එරීන්ව මැරුවෙත් මේ මනුස්සයමද. කොහොම හරි එරීන්ගෙ බබාගෙ තාත්තා වෙන කෙනෙක් කියන ප්රශ්නය එනවා. මේයර්ගෙ හොදම යාලුවෙක් විදිහට ඉන්න ලෝරිගේ පවුලේ ඇය ,ඇගේ හස්බන්ඩ් සහ දරුවන් දෙදෙනෙක් ඉන්නවා. එක ලමයෙක් පිරිමි ලමයෙක් අනිත් ලමයා ගෑනු ලමයෙක්. මෙ පිරිමි ලමයා ටිකක් නිශ්ශබ්ද කෙනෙක්. එක අවස්තාවක ලොරිට ඇහෙනවා ඇගේ සැමියා සහ පුතා අතර කතාවක්.එහිදී ඔහු කියනවා මේක අපි දෙන්නගෙ රහසක් කව්රුත් දන්නෙ නෑ කියලා.මොක්ක්ද ඒ රහස? ඉතින් කොහොම හරි එරීන්ගෙ බබාගෙ තාත්තා වෙන කව්රුත් නෙවේ ලෝරිගේ හස්ස්බන්ඩ් කියල හෙලි වෙනවා. ඩී එන් එ පරීක්ශන වලිනුත් ඒක තහවුරු වෙනවා. ඒ ලමයා ආවෙ කෝම්ද කියලත් හෙලි වෙනවා.මෙ ඔක්කොම හෙලිදරව් කරගන්නේ මේයර් විසින්.
ඇත්තම මිනීමරුවා අල්ලන්න මොහොතකට පෙර
ලෝරිගෙ හස්බන්ඩ් ජෝන් ට සහෝදරයෙක් ඉන්නවා. ඔහු ඉන්නෙ ඔවුන්ගෙ පියාගෙ ගෙදර. දවසක් පියා දකිනවා ජෝන්ගෙ සහෝදරයා ඇගේ තියෙන ලෙ වගයක් හෝදනව කියලා. ඒ හරියටම එරීන් මැරුන දවසෙ රෑ. එහෙනම් මිනී මරුව හම්බුනා නේද. මාත් හිතුවෙ එහෙම තමයි . මේව දැනගන්න ජෝන් එයාගෙ කලබල උන සහෝදරය ලවා කියවනවා එරීන් මැරුවෙ එයාමයි කියලා. ඒත් පස්සෙ ඒකත් බොරු බව ඔප්පු වෙනවා. ජෝන් එයාගෙ සහෝදරය මරන්නත් ප්ලෑන් කරලා ඔහුව මාලු බාන්න එක්කන් යනවා. මේ අතරෙ මිනීමරුවා ජෝන් කියල සැක කරපු මේයර් ජෝන්ව අල්ලගන්න මාලු අල්ලන තැනට යනවා.එතන වෙන සටනකින් පස්සෙ ජෝන් අත්තඩන්ගුවට ගන්නවා. ඔහු වරද පිලිගන්නවා.ඉතින් හැමදේම ඒ විදිහට විසදුනා. අන්තිම එපිසෝඩ් එක තමයි දැන් පටන් ගන්නෙ. මිනී මරුව අල්ලගත්තට පස්සෙ තව මොනව පෙන්නන්න්ද . ඒත් තව විනාඩි 40 ක විතර කොටසක් ඉතුරුයි. ඉතින් හැමදේම හොදින් වෙද්දි මේයර්ට එන කෝල් එකකට මේයර් යනවා කෝල් කරපු කෙනාගෙ ගෙදරට. ගොඩක් වයසක කෙනෙක් තමයි කතා කරේ.කතාව මුලදිත් ඔහු සහ ඇගේ බිරිදව පෙන්නවනවා. බිරිද ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා. ඉතින් මේ මනුස්සයට පැමිනිල්ලක් කරන්න තියෙනවා. ඒ තමන්ගෙ තුවක්කුව අතුරුදහන් වෙලා ආයෙමත් ඒක තිබ්බ තැනින්ම ආයෙ ගෙනත් තියලා. තුවක්කුවේ වර්ගෙ කිව්වම තමයි මේයර්ගෙ ඇස් උඩ ගියේ. තුවක්කුව තියෙන්නෙ එලියෙ තියෙන ආයුද මඩුවෙ. ඒකට යන්න පුලුවන් මේ කෙනාට සහ වත්තෙ තනකොල කපන්න එන කෙනාට විතරයි. කව්ද ඒ අනිත් කෙනා ? මේයර් අල්ලගත්තෙ හරිම මිනීමරුවමද?.
ඔන්න ඔය ප්රශ්න වලට ඉතින් කතාව බලන්නම වෙනවා. එහෙනම් මේ පුන්චි කතාව කොහොම හරි බලන්න කියල ඉල්ලමින් මම නවතිනවා.
බලන්න ආසයි.. කෝ අපිට වෙලාවක් 😢😢
😁😁
Dannawane ithin...
ඒම කියල බෑ අයියේ දවසට තව පැයක් වැඩි කරල ඕනද.😁
😂😂 එහෙම කරොත් ඒ පැයත් වැඩට එන්න කියයි 😂😂
eka nm balnna asa hithenwa.
ඔව් ඔව්ව් දවස් දෙකෙන් බලල දාන්න
ඒක නම් බලන්නම හිතෙනවා.. එක සීසන් එකෙන්ම ඉවර එක නම් හොදයි...
ඔව්ව් එක හුස්මට බලන් යන්න තමා තියෙනවා. හුස්ම හිර වෙයි ඈ
🤔🤔🤔🤔හ්ම්..බලමු..බලමු..
කතාව නම් හොදයි වගේ බලන්න හිතෙනවා. හිතන්න දෙයක් ඉතුරු වෙද්දී එක තවත් රසවත්.....
ඔව් ඔව් අන්තිමෙ වෙන එකත් කිව්ව නම් ඔයාල බලන් නෑනේ😉
Ekath aththa neda malli😁😁👌
Me nisama tamai plots twists balanna asa hitenne
ඔව්ව් අන්තිම්ට ශොක් වෙන ශොක් විල්ල ඉතින්