ඔන්න එහෙනම් දීපු පොරොන්දුවෙ හැටියට මම ගත්තු හොදම ෆොටෝ ටික ගැන විතරයක් අරන් ආව.විස්තරයක් කිව්වට ඉතින් කොහොම කියන්නද කියල තේරෙන් නෑ.
ඉතින් පලවෙනි ෆොටෝ එක විදිහට මම ගන්නෙ බුදු පින්තූරයක්. මේක ගත්තෙ වෙහෙරහේනෙදි. ෆොටො එක ගන්න ඕන උනේ බුදු පින්තූරෙ චායාව වතුරට යන්තම් වැටෙ විදිහට සහ නිල් පාට අහස බැක්ග්‍රවුන්ඩ් එක විදිහට එන විදිහට. මේ තියෙන්නෙ ඒ ෆොටෝ එක. කිසිම එඩිට් එකක් නොකර තමයි මේ තියෙන්නෙ.
ඊලග ෆොටෝ එකත් වෙහෙරහේන පන්සලේ භූගත බුදු මැදුර ඇතුලෙ ගත්ත එකක්. ටිකක් අදුරු නිසා ලෙවල්ස් පොඩ්ඩක් එහෙ මෙහෙ කරල තමයි ෆොටෝ එක ගත්තෙ. මට ඕන උනේ ඉස්සරහින් එන එලියත් වටේ තියෙන චිත්‍ර ඇදපු බිත්තිත් අහු වෙන විදිහට පෝර්ටේට් ෆොටෝ එකක් ගන්න. ඒක තමයි මේ තියෙන්නෙ.
මේක අපි හයිවේ එකේ යද්දි ගත්තෙ. ලස්සනට පෙනුන නිසා. වැඩිය බල බල හිටියෙ නෑ ඒ සීන් එක ඉවර වෙන්න කලින් ගත්තා.
ඊලග ෆොටෝ එක අපි නතර වෙලා ඉදපු තැන පාරෙදි ගත්තෙ උදේම. වෙලාව හතයි. ඉර එලිය ගත් අස්සෙන් පාරට වැටෙනව. පාරෙ වාහනත් එනව. ඉතින් මට හිතුන වාහනයක් එද්දි එකක් ගන්න. ඒකෙදි ගස් අස්සෙන් වැටෙන ඉර එලියෙන් වැඩක් ගන්න මම හිතුව. ඉතින් ඒ විදිහට ගත්තු ෆොටෝ එක තමයි මේ.
ඊලග ෆොටෝ එක සෙල්ල කතරගමදි ගත්තෙ. ගගේ දේවාලෙ ලග ඒ වතුර පාර සහ ගස් වල මුල් එහෙම අහු වෙන විදිහට තමයි මේක ගත්තෙ.
ඊලග එකත් ඒ දේවාලෙට එන පාරෙ තිබුන සෙරමික් බඩු කඩේක ෆොටෝ එකක්. පෝට්ර්රේට් විදිහට තමයි මේක කැප්චර් කරේ. ඉතින් ඔච්චර තමයි මට හිතෙන විදිහට මම ගත්තු හොදම ෆොටෝ අතර තියෙන්නෙ. එහෙනම් ට්‍රිප් සීරීස් එක ඉවරයි. ඊලග දවසෙ ඉදන් අලුත් දෙයක් එක්ක හම්බෙමු.
නිල්පාට අහස වළාකුළු එක්ක මාර ලස්සනක් තියෙන්නේ එකේ😍
Okkoma lassnai. highway eke yddi gththu ekt thm gdkm kmthi mn.
melo idea ekak nthuw photo gnn mama😯😯
ඔයා ගන්න ඒවත් ලස්සනට වදිනව නෙ ඒ උනාට😑
ehema kiyamu hitha hadennwath
ඇත්ත කිව්වෙ
oke best shot kiyana category ekata mn inna okkoma photos wetenwa. :) ewa danna ida madi nisa thamai meya mewa dala thiyenne
මේ වගේ කමෙන්ට් වලට රැවටෙන්න එපා යාලුවනේ.
Road eke gahapu click eka maru 📸
තැන්කූ අයියේ
Photo tika lassanai malli. ara ira eliya gas assen ebila balana ekata asa hituna.
හී තැන්කූ අක්කෙ
අපි පටන්ගමු ස්ටූඩියෝ එකක් මං එන්නම් ලයිට් එක අල්ලන්න 😍
අපි දෙන්නා කීයක්නම් පටත් ගත්තද සගෝ
මාරම ලස්සනයි😍
තැන්කූ අකේ
පින්තූර ටික මරු. කැමරා watermark එක පුළුවන් නම් අයින් කරන්න. පෞද්ගලිකව මම ඒ විදියට කැමති නෑ.
Podi hekiyawakuth thiyenawaa... atha denna kenekuth hitiyanam ihalatama yanna puluwan...