පෙරදිග දැනුම් පද්ධතිය

지난달

image.png
Src

අද මම මගේ පළමු සිංහල ලිපිය Steem Sri lanka එකට ලියන්න හිතුවා. මෙය ඔබට සහ මට තවත් විශේෂ අත්දැකීමක් වනු ඇතැයි මම හිතනවා. මගේ ඉදිරි විභාග නිසා මෙය කාර්යබහුල සතියක්. කෙසේ හෝ දැන් මම ලිවීමට ඇබ්බැහි වෙලා. සමහර විට මම සිංහල ටයිප් කිරීමේ දුර්වල නිසා බොහෝ වැරදි සිදු වනු ඇත .අද මම කතා කරන්නේ " පෙරදිග දැනුම් පද්ධතිය" කුමක්ද යන්නයි.

සමහර විටක ඔබට මෙය තේරුමක් නැති දෙයක් ලෙස හැගෙන්නට පුළුවන්. නමුත් ඔබ කිසියම් දිනයක කල්පනා කොට තිබෙනවාද මා ඉහත උපුටා දැක්වූ ප්‍රශ්නය පිලිබදව. සමහරවිට ඔබ සිතන්නට නැතිව ඇති. නමුත් මීට වසර දහස් ගණනකට පෙර සිටම පෙරදිග චින්තකයන් විසින් රැස්කල පුළුල් විෂය පථයක්. ඒ නිසා ම ඔබටත් යෝජනා කරනවා මා සමග මේ ගවේෂණයට එකතු වන ලෙස. පෙරදිග පැවති දියුණු ශිෂ්ටාචාරයක පුරුක් වශයෙන් අපට මේ පිලිබදව ලෝකයේ අනෙක් ජාතීන්ට සාපේක්ෂව පුළුල් දැනුම් පද්ධතියක් පැවතුනා. අවාසනාවකට කාලයාගේ අවෑමෙන් ඒ විශ්මය ක්‍රමයෙන් වියකුනා. නමුත් අප මේ පිලිබදව යම් පමණක් හෝ අවබෝධයක් ලබා ගැනීම වටිනවා. මනස මූලික කරගත් දැනුම පද්ධතියක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්.

image.png
Src

බටහිර විද්‍යාව හා සැසඳීමේදී මතුවෙන ප්‍රධානම වෙනස නම් එම පද්ධතීන්ට අලුතින් දත්ත එකතු වන ආකාරය ලෙස දැක්විය හැක. එය හුදෙක් පෞද්ගලික යථාර්තයෙන් වියුක්ත වූ පරීක්ෂණ මතපදනම් වන්නකි. නමුත් පෙරදිග පද්ධතියේ දැනුම එකතු වන ආකාරය හුදෙක් මනස හා සම්බන්ද වන්නාවූ මානසික ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස හදුන්වන්න පුළුවන්. මෙහිදී සිදුවන ප්‍රධානතම අවාසිය නම් ඒ දැනුම හුදෙක් අනුභූතියක් පමණක් වීමයි. එසේ වුවත් මෙය සත්‍ය අසත්‍යභාවය සෙවීමට පිළිවෙතක් පවතී, ඒ නම් පෙර කී මානසික ක්‍රියාවලිය වසර ගණනක් පුහුණුවෙන් විශ්ව යාන්ත්‍රණය හා සම්බන්ධවීමයි. මෙය යම්කිසි සංකීර්ණ සංකල්පයක් නමුත් මා හිතනවා ඔබට මෙය වැටහෙනවා ඇති කියලා.

මෙයින් මා අදහස් කරන්නේ අප අතර පවතින දුර්මත ඉවත දැමීයයුතු බවයි. මන්ද බටහිර විද්‍යාවේ පතාක යෝධයින් පවා පෙරදිග දැනුම වෙත යොමු වෙමින් පවතිනවා. එයට හොදම උදාහරණය ලෙස ප්‍රංශ ජාතික මැතිව් රිකාඩ් ගැන සදහන් කිරීමට කැමති. ඔහු අණුක විද්‍යාවේ හිනිපෙත්තට ගිය පුද්ගලයෙක්. මා කලින් සඳහන් කල මානසික පර්යේෂණය කිරීමට ඔහු හිතනවා වගේම ඔහු එය අත්විදිනවා. මා ඔබ සියලුදෙනාට යෝජනා කරනවා ඔහු විසින් රචිත "භික්ෂුව හා දාර්ශනිකයා" ග්‍රන්ථය(සිංහල පරිවර්තනය) සොයාගෙන කියවන ලෙස.

මෙම විද්‍යාවන් බොරු යැයි නොපවසා ඒ දැනුම් පද්ධති වලින් පවසන දේ වටහා ගැනීමත් සියලුම හරයන් අප ජීවිතයට ළඟා කරගනිමින් දිවිය අර්ථවත් කරගන්නා ලෙස ඔබ සියලුදෙනාට මා ආරාධනා කරනවා. මේ ලිපිය පිලිබදව සියලුම අදහස් මාගේ පෞද්ගලික අදහස් බවත් මෙහිදී පැවසිය යුතුය. දැන් ඔබගේ අදහස්, විවේචන වලට කාලයයි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

මෙයින් මා අදහස් කරන්නේ අප අතර පවතින දුර්මත ඉවත දැමීයයුතු බවයි.

ඒකනම් ඇත්ත.

·

ස්තූතියි !

පෙර දිග දියුනු දැනුම් පද්ධතියක් තිබුන බවට සාක්ශි අපෙ ඇස් ඉදිරියේම තියෙන පුරාවස්තු.

·

ඒක නම් ඇත්ත 😍

වැදගත් ලිපියක් .ස්තුතියි

·

ස්තුතියි👍

අපි කවුරුත් කතා නොකරන පැත්තක් ගැන කියවන්න ආස විදියට ලියල තියෙනවා.

පුලුවන් නම් මේක Article series එකක් විදියට අරන් එන්න.ගොඩක් අය කැමති වේවි ඒකට.ජය වේවා!

·

ගොඩක් ස්තූතියි ඔබේ අදහස් වලට, ඒක කරන්න මම උපරිම උත්සහ කරන්නම්.👍😍

මා දන්නා පරිදි, අප එදිනෙදා සිතින් කයින් වචනයෙන් සිදු කරන සියලුම දේවල් (කර්මයන්) වල මතකයන් "නාමගොත්තය" නම් ස්ථානයක ගබඩා වෙනවා. කවුරුහරි කියනවනම් මතකය තියෙන්නෙ මොලය ඇතුලෙ කියල මම ඒක විශ්වාස කරන්නෙ නෑ. අපිට මේ නාමගොත්තයට දේවල් යවන්න ලේසියෙන්ම පුලුවන් වුනාට ආපසු යවපු දෙයක් නැවත ලබාගන්න ලේසි නෑ. ඒ කියන්නේ ආවර්ජනය කරන්න අමාරුයි. ඒකට හුරුවක් අවශ්‍ය වෙනවා. මේක අතින් අල්ලන්න බැරි දෙයක්. මේකට දේවල් යවන්න පාරවල් සහ ආපසු ගන්න පාරවල් කියල පාරවල් වර්ග දෙකක් තියනවා. ඔබ දෙයක් ආවර්ජනය කරන්න කරන්න ඔබට ඒ දේවල් ආවර්ජනය කරන්න ලේසි වෙනවා. ඒ කියන්නේ ඔබ යම්කිසි අඩි පාරක කාලයක් තිස්සේ යනකොට ඒ අඩි පාර තව තවත් පලල් වෙනවා. අනිත් වැදගත්ම කාරණය තමයි මේ නාමගොත්තය ඔබේ මරණයත් සමග වැලලී යන්නෙ නෑ.

උදාහරනයක් ලෙස මෙහෙම ගනිමු.

ඔබේ නම මොකක්ද? මේ ප්‍රශ්නයට උත්තරේ ඔබ දන්නවා.
ඒකට හේතුව ඔබ ඔබේ නම දස දහස් වාරයක් ආවර්ජනය කරල තියන නිසා ඔබේ නාමගොත්තයෙන් එන පාර පුලුල් වෙලා තියෙන්නේ.

ඔබ මීට හරියටම සති 250 කට කලින් දවසෙ දවල්ට කෑවෙ මොනවද? මේ ප්‍රශ්නයට උත්තරේ ඔබ දන්නෙ නෑ.
ඒකට හේතුව ඔබ ඒ දේ එක වතාවක්වත් ආවර්ජනය කරල නැති නිසා යවපු දේ ආපහු ගෙන්න ගන්න පාරක් හැදිල නැති නිසා.

දැන් මම මේ කියන දේ ඔබේ පොස්ට් එකට ගලපන්නම්.

මේ ලෝකෙ යම් කෙනෙක්ට හෝ පිරිසකට පුලුවන් නම් යම් ක්‍රමයකින් මේ විදිහට ගබඩා වුණු දේවල් ආපසු ගන්න, ඒ කෙනාට හෝ ඒ අයට පුලුවන් නැති වුනු දැනුම් පද්ධති නැවත හොයාගන්න. මේක 100%ක් ආධ්‍යාත්මිකයි. හොඳින් ධර්මය දන්නා භික්ෂුවක් මෙය ඔබට වඩාත් ගැඹුරින් පැහැදිලි කර දෙනු ඇත.

මම මේක කාලයකට ඉස්සර බණ කතාවකට ඇහුවෙ. සමහරවිට පොඩි පොඩි වැරදි තියෙන්න පුලුවන්. මොනවාහරි වැරදියට කියලා තියනවනම් කරුණාකර නිවැරදි කරන්න.

🙏

·

ඔබ මානව පැහැදිලි කර තිබෙනවා ස්තූතියි .