උත්තරීතර සෙනෙහසයි තාත්තා - 5% for SL - Charity

7개월 전

ආයුබෝවන් යාලුවනේ,

කොහොමද ඔයාලට. හැමදෙනාම හොඳින් සුවෙන් ඇති කියලා විශ්වාස කරනවා. මම මේ දවස් ටිකේ හිතාගන්නවත් බැරි තරම් කාර්යබහුලයි. මගේ මහත්තයාගේ බාප්පා මියගියා පෙරේදා. අප ජීවත් වන නිවස ආසන්නයේ ම තමයි මියගිය බාප්පාගෙ නිවසත් පිහිටලා තියෙන්නේ. ඒ නිසාම නිතරම අපි එහේ යනවා උදව් කරන්න. මොකද මේ වෙලාවේ ඒ ගෙදර අයට හිත හදාගෙන, එන මිනිස්සුන්ට සංග්‍රහ කරන්න, ගෙදර අඩුපාඩුවක් හොයලා බලන්න විදියක් නැහැනේ. මීට අමතරව මේ බාප්පා මිය ගිය දවසට හරියටම මාස තුනකට කලින් මගේ මහත්තයගේ තවත් බාප්පා කෙනෙක් මිය ගියා. ඔහු මියගියේ කොරොනා වසංගතය ආසාදනය වීමෙන්. ඒ නිසා පවුලේ කාටවත් ඔහුගේ අවමංගලය උත්සවයට සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ නිසා අප පවුලේ හැම දෙනාම කතිකා කරගෙන තිබුණේ එම බාප්පට පින් අනුමෝදන් වශයෙන් සිදුකරන තුන් මාසේ දානෙට සහභාගි වීමටයි. නමුත් දෛවයේ අවස්ථාවකට අනුව එම දානමය පිංකමට පවුලේ හැම දෙනාටම සමූහයක් වශයෙන් සහභාගි වෙන්න හැකියාව ලැබුණේ නැහැ. පවුලේ අය තනි තනි වශයෙන් තමන්ට හැකි පහසු වෙලාවන්වලදී දානමය පින්කමට සහභාගි වුනා.
20211121_165029.jpg

යාලුවනේ, පෙරේදා මියගිය බාප්පට දරුවන් තිදෙනෙකු සිටිනවා. එම දරුවන් සමාජයේ ඉහළ තනතුරු නොදැරුවත්,ධනය අතින් බොහොම ඉහළින් සිටිනවා. ඒ නිසාම ඒ බාප්පාට කිසිම දේකින් අඩුවක්, පාඩුවක් වුනේ නැහැ. දරු තුන්දෙනාගේ සෙනෙහස කිසි අඩුවක් නැතුව විඳින්න පින් කරපු තාත්තා කෙනෙක් තමයි ඔහු. ඔහුගේ මරණය කාටවත්ම වදයක් නොවී ඔහු බොහෝ වේලාවක් විඳවපු නැති ජීවිතයක් තමයි. එම දරුවන් තම තාත්තාගේ ගුණ කියනවා. ''තාත්තා අපිට කරපු දේවල්වලින්, අපිට තාත්තට කරන්න පුළුවන් වුනේ බොහොම ටිකක් විතරයි.අපේ තාත්තා අපි වෙනුවෙන් මොනතරම් දේවල් කලාද''. මෙලෙස නොයෙක් ආකාරයෙන් දේවල් කියනවා. මේවා ඇහෙනකොට හැම දෙනාගෙම ඇස් වලට නොදැනීම කඳුළු උනනවා.
තාත්තා කියන්නේ තාත්තට. ඒ උත්තරීතර පදවිය ලබපු කෙනෙක් දන්නවා එහි තියෙන අමිල සෙනෙහස වගේම වටිනාකම. අපි අපිට පුළුවන් හැම විදිහට වගේම හැකි උපරිමයෙන් අපි තාත්තට සලකනවා.
ඒත් තාත්තා අපි වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා නේද. ඒ වගේ ඒ දරු තිදෙනාටත් දැනෙනවා ඇති නේද.

20211114_132405.jpg

තව කියනවා ඇහුණා ''තාත්තට අපි මොන දේ කන්න ගෙනත් දුන්නත් තාත්තා ඒවායින් කෑල්ලක් අපිටත් කවනවා'' කියලා.තාත්තලගෙ කුස පිරුණේ තනියම කාල නොවෙයි. තම දරුවන්ගේ කුස පුරවලයි. හිත පුරවලයි.. තාත්තා කොහේ ගියත් ගෙදර එනකොට තම දරුවන්ට කන්න මොනවම හරි අරගෙන එනවා.
ඒවා දරුවන්ට දීලා,, තම දරුවෝ සතුටින් කනවා දැකලා තම කුස සතුටින් පුරව ගත්ත කෙනා තමයි තාත්තා.
මට මේ දැනෙන දුක වගේ සිය දහස් ගුණයක් තම තාත්තා අහිමි වුණු ඒ දරුවන්ට දැනෙනවා ඇති. මොකද ඒ තාත්තා ආයෙ කවදාවත් ඒ දරුවන් ගාවට එන්නේ නැහැ. තම දරුවන්ගේ දුකේදී හිත සනසන්න එන්නේ නැහැ. කරදරයකදී හිත ශක්තිමත් කරන්න එන්නේ නැහැ. සතුට බෙදා ගන්න එන්නේ නැහැ.
කොහොම නමුත් ජීවිතේ අපි කාටත් හමුවෙන උත්තරීතර සෙනෙහසේ එක ප්‍රතිමූර්තියක් තමයි තාත්තා.

යාලුවනේ මේ තියෙන්නේ මම ගිය සතියේ හදපු කෑම වර්ගවලින් ටිකක්
1637774308011.jpg

ස්තුතියි හැමදෙනාටම

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

''තාත්තා අපිට කරපු දේවල්වලින්, අපිට තාත්තට කරන්න පුළුවන් වුනේ බොහොම ටිකක් විතරයි.අපේ තාත්තා අපි වෙනුවෙන් මොනතරම් දේවල් කලාද''.

amma thaththa wenuwen kochchara dewl karath madi 😊

·

Atta.koi tharam dewal kalath tawa karanna tibuna kiyala hitana awastha enawaaa.

කොහොම නමුත් ජීවිතේ අපි කාටත් හමුවෙන උත්තරීතර සෙනෙහසේ එක ප්‍රතිමූර්තියක් තමයි තාත්තා.

Dakinna amarui...A tharam hitha thula hanga gena inne...

Thaththa thama pawle shakthiya.

ඇත්ත. අපේ ජීවිතේ අංක එක වෙන්න ඕන අපි හදාගත්ත දෙමව්පියො....

·

Ow.eth eyala apen samu ganna kalin denna puluwan uparima satuta,sepa denna oni.netnm pasu tewenna wenawa,

තාත්තා අපි වෙනුවෙන් කරන දේවල් වලට සලකන්න ආත්ම ගානක් උනත් මදි.

·

Me loke kisima deyakata bayak nodenune thaththa yoda sewanwllak wage api langinma inna nisai.

හුඟක් වෙලාවට දරුවො රැකියා නිසා කාර්ය බහුලයි. අසනීපයක් වුණොත් ඇර විශේෂයෙන් දෙමව්පියන් ගැන නොබලන වෙලාවල් තියෙනවා. දරුවන් ගැන වැඩියෙන්ම දන්නෙත් තේරුම් ගන්නෙත් මව්පියො නිසා එහෙම අඩුපාඩුවක් වුණත් නොතකා ඉන්නවා. සමහර දෙමව්පියන් සෑහෙන කැපවීමෙන් මුනුබුරු මිනිපිරියන් බලා ගන්නවා.

·

Ow oya hari.ada boho achchi seeya karanne ayalage daruwange daruwo bala ganna eka.eth eyalage senda samaya sathutin gatha karanna denna oni.nethnam eyala nethi unu dawasata apita e duka godak denewi.

මේ ලඟදි දවසක මගේ කාර් එකේ වැඩකට සල්ලි වගයක් මදිවෙලා ඉද්දි එයාට ඒක තේරිලා.. මට කියනවා එයාගේ මඟුල් මුද්ද විකුණලා කාර් එක හදාගන්න කියලා. එහෙමයි තාත්තලා...

·

Eka thmai sansarika bendeema.thththala koi tharam wayasata giyath thamath api wenuwen wehesanawa.owun innakam raja sepa dunnath madi.

''තාත්තා අපිට කරපු දේවල්වලින්, අපිට තාත්තට කරන්න පුළුවන් වුනේ බොහොම ටිකක් විතරයි.අපේ තාත්තා අපි වෙනුවෙන් මොනතරම් දේවල් කලාද''.

හුග දෙනෙක් පසු තැවෙන තැනක් තමයි මේක. ජිවත් වෙලා ඉන්නකම් අපේ දෙමව්පියන් පවුලේ අය නැදැයෝ අපි ආදරේ කරන අය ඒ හැමෝටම අපෙන් ඉටුවෙන්න ඕනේ යුතුකම් වගකිම් හරියටම ඉෂ්ට කරන්න ඕනේ..ඒහෙම උනාම කාගෙත් හිතට සැනසීමයි..

·

Hithala maga atina aya athare rekiyawa,daruwo,karyabahulathwaya nisath maga arenawa.eth langa nethnm dawasata eka wathawak hari cl karala duka sepa ahanna.puluwan hema welawema owinwa balanna yanna puluwan nm demapiyo sathutu wenawa

·
·

ඔව්..පුළුවන් හැම වෙලාවකම එයාලා ගැන බලන එක තමා අපේ යුතුකම.

තාත්තා ගැන කියන්න වචන මදි මට නම්. එයාල කරපු කැපකිරීම් , ආදරේ අපිට හිතාගන්නවත් බෑ.. අම්මත් එහෙමයි🥺

·

Eyala hithana pathana hema sathutakma denna puluwan nm asai matat.