ආයුබෝවන් යාලුවනේ,
කොහොමද ඔයාලට. විශ්වාස කරනවා හැමදෙනාම හොඳින් සුවෙන් ඉන්නවා කියලා. මම ඊයෙ ගොඩක් කාලෙකින් මගේ ආත්තම්මව බලන්න ගියා. ආත්තම්මා මාව දැක්ක ගමන් කිව්වේ "අනේ දරුවාට අපේ ගෙදරට එන පාර මතක් වෙලා" කියලා. මං ඉතින් නිදහසට කාරණා දහයක් කිව්වත් ආත්තම්මා ඒවා පිළිගන්න කැමැති වුණේ නැහැ. මොනව කරන්නද, ටිකක් වෙලා කතා කර කර ඉන්නකොට ආත්තම්මගේ හිත හැදුනා. සංග්‍රහ වලින් අඩුවක් උනෙත් නැහැ.
යාලුවනේ පොඩි කාලේ අපි ගතකරපු නිදහසේ විදියටම දැනටත් අපිට ගත කරන්න බැහැ. විවාහයකදී, රැකියාවකදී, උසස් අධ්‍යාපනයක දි මේ නිදහස ඇහිරෙනවා. ඉස්සර පොඩි කාලේ අම්ම තාත්තගේ අතේ එල්ලීගෙන එයාලා යන හැම තැනම අපි යනවා. එක්ක නොගියොත් ගමටම ඇහෙන තරම් කෑගහල අඬනවා .ලොකු වෙනකොට ඒ හැමදේම ටික ටික මග ඇරෙනවා. විවාහ වෙලා ගමෙන් ගියාට පස්සේ නිතරම ආයෙ ගමට එන්නේ නැහැනේ. මේක මට විතරක් නෙවෙයි හැමදෙනාටම විවිධාකාරයෙන් එන්න පුළුවන්. මම හිතන්නේ මම විතරක් නෙවෙයි අනෙක් අයත් තමන්ගේ නෑදෑ හිතවතුන්ගෙන් මේ වගෙ කතා අහගන්නවා ඇති. සමහර අය කියනවා ඇති අපි මුල අමතක කරලා කියලා.
ඉස්සර වගේ අපි හැම දෙනාටම එක ගෙදර ඉන්න හැම සාමාජිකයෙක් එක්ක වත් ලොකුවට කතා කරන්න වෙලාවක් නැහැ. අපිට විවේකය තියෙන වෙලාවට ගෙදර අනෙක් සාමාජිකයන්ට විවේකය නැති වෙන්න පුළුවන්.
ඉතින් මේ හැමදේම අතරේ හිතාමතාම මුල අමතක කරන අයත් ඉන්නවා. පොඩි කාලේ ඉඳන් එකට කා බී එක හා සමානව හැදී වැඩුණු ළමයි ලොකු වෙලා රස්සාවල් ලැබිලා තත්වය වෙනස් උනහම ඇත්තටම සමහරුන්ට මුල අමතක වෙනවා. අමතක වෙනවට වැඩිය අමතක කරනවා. ඒක නම් වැරදියි. මොකද අද ඔය කියන වැදගත් තත්වෙ ඉන්න පොඩි කාලේ ඉදන් එකට හිටපු කීදෙනෙක් උදව් කරන්න ඇතිද. ධෛර්යමත් කරන්න ඇතිද. බලන්න එන්න වෙලාවක් නැති වුනත් මතක් කරලා සති දෙකකට සැරයක් හරි මාසෙකට සැරයක් හරි විනාඩි පහක් කෝල් කරලා දුක සැප අහන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ඒ නිසා මුල අමතක නොකර හිතෛශී භාවය තියන් යමු.
ස්තුතියි හැමදෙනාටම.
Wdiyennma wena deyak...
Balen amathaka nokara imu
ekath amathaka wenawaneh...
Ehenm ithin mona karannda.banum ahamu.
samaharu kalayath ekka hetuwak natuwama aath wenawa. eth samahara sambandatha call ekakin hari randila tiyenawa.
Api hemadenatama ehema yaluwo innawa
ඒ වාක්‍ය බරට දැනෙනවා. වෙලාවකට හිතෙනවා ලොකු නොවී තිබුණා නම් කියලා.
Ekanam atta,ekale yaluwo godai,dan inna yaluwo eka dennawat balanna yanna welawak na
පොදු අත්දැකීමක්, දුවන ජීවිතවලට නැවතී බලන්න වෙලාව අඩු වීම.😪