අසාර්ථක සම්බන්ධතා - 5% for SL - Charity

7개월 전

ආයුබෝවන් යාලුවනේ,

කොහොමද ඔයාලට, හැමදෙනාම හොඳින් සුවෙන් නේද. ඊයෙ අම්මා කඩේ ගිහින් ඇවිත් මට කියනවා ''රංජනී ඇන්ටිගෙ දුව පැනඩෝල් බීලා'' කියලා. මම හිටියේ වෙන කල්පනාවක නිසා ගත්කටටම මම ඇහුවේ ''ඇයි ඔළුවේ කැක්කුමකට ද''කියලා. අම්මා ටිකක් විතර ඇස් පුංචි කරලා කිව්වේ ''නෑ දුවේ එයා මැරෙන්න හිතලා බීල'' කියලා. මට නම් බයත් එක්ක පුදුමයක් ආවා. ඒ ළමයා එහෙම කරන්න හේතුව වෙලා තියෙන්නේ ආදර සම්බන්ධතාවය බිඳ වැටීම නිසා ලු.

20211202_170821 (1).jpg

යාලුවනේ, ඒ සිය දිවි හානි කර ගන්න තැත් කරපු නංගිට අවුරුදු දාසයයි. නිකමට හිතුවොත් මේ සම්බන්ධතාවයට අවුරුදු තුනක් හෝ ඊට වැඩි වෙන්නත් පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්.මොකද අද කාලේ ළමයි බොහෝ අඩු වයසින් මෙවැනි බොළඳ සම්බන්ධතා පටන් ගන්නවනේ. ඇත්තමයි අපිට ඔය කාලේ ඔය වගේ මානසිකත්වයක් තිබුණේ නැහැ. ළමා කාලය, නව යොවුන් අවදිය උපරිම සතුටින් ගෙවපු අය තමයි අපි. දැන් ඉතින් පැනඩෝල් බිවුවා කියලා මැරුණද ,තාම නෑ. වෙන්නත් එපා. මෙවැනි සිය දිවි හානි කර ගැනීමට තැත් කරන අයට සිදුවන අනතුරුවලදී රෝහල් ගත කිරීමක් සිදු කරනවා. රෝහලේ මෙවැනි අයට ඉතා සුහද පිළිගැනීමක් ද තියෙන්නේ. ආමන්ත්‍රණය ආදරණීය ද. කවදාවත් නැහැනේ. මොකද ඒ ඉන්නේත් අම්මා,තාත්තා වැනි වැඩිහිටියෝ. ඒ හැම දෙනාටම සාධාරණ කේන්තියක් එනවනේ. මොකද තරුණ කෙනෙකුගේ ජීවිතයේ වටිනාකම තරුණයෙකුට වඩා ජීවිතේ පරිණත වෙච්ච වැඩිහිටියෙකුට තේරෙනවා. දැන් ඉතින් පැනඩෝල් බිවුවා කියලා සම්බන්ධතාවය පවත්වාගෙන ගිය ඒ පිරිමි ළමයා මේ නංගි ගාවට ඇවිත් හිත සනසයි ද. බුද්ධිමත් දෙමව්පියෝ, සහෝදර සහෝදරියො හිටියොත් මේ ප්‍රශ්නය වැදගත් විදිහට විසඳාවි. එහෙම නැති වුණොත් ප්‍රශ්නය විසඳනවා වෙනුවට කැති පොලු අරගෙන තවත් ප්‍රශ්නයක් ඇති වේවි.

20211202_170526.jpg

ඉතින් මේ සම්බන්ධතා බිඳ වැටීම් වලට වයසක් අදාළ නොවෙන්නත් පුළුවන්.ශිෂ්‍යයෝ වගේම වෘත්තියක නියැළෙන්නෝ ද වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි සම්බන්ධතාවයක් බිඳ වැටීම හේතු කොටගෙන ඔබේ සාර්ථක ගමනට යන්න තියෙන කාලය නැති කර ගන්නේ ඇයි.

20211202_170453.jpg

හැර ගිය කෙනා කිසියම් දවසක ඔබ ළඟට එන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. දුකක්, කනගාටුවක් තිබෙනවා තමයි. නමුත් හිත හදා ගැනීමයි වැදගත්. එසේ නොමැතිව අනාගතයම අවුල් ජාලයක් කර ගත්තොත්, එන්න හිතන කෙනෙක් වත් එන්නේ නැහැ. ඉතිං මේ බිඳවැටුණු සම්බන්ධතාවය නිසා අදාළ පුද්ගලයා පිස්සු නටලා එනකන් කාලයත් නැවතී බලන් ඉන්නවද,නෑනෙ. පෙරට වඩාත් ධෛර්යමත්ව ජීවිතේට මුහුණ දෙන්න. ඔය කියන සම්බන්ධතාවය පටන් ගන්නකම් ඔබත් එක්ක සිටි අය කවුද. ඔබේ ආදරණීයන්. දෙමව්පියන්, සහෝදර සහෝදරියො, යාළුවො වෙන්න පුළුවන්. හිතන්න ඔබේ අඩුපාඩු හදාගන්න. ඔබේ දුර්වලතාවයන් නිවැරදි කරගන්න. අවසානයේ ඔබ සාර්ථක වූ පසු ඔබව ප්‍රතික්ෂේප කරපු අය, ඔබත් සමග අමනාප වූ අය නැවත එන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ වන්නේ නොනවතින කාලය උපරිම ප්‍රයෝජනයට
අරගෙන, ඔබ ඔබ ගැන සිතමින් නිවැරදි වන්න. සාර්ථක වන්න. ජයගන්න ජීවිතය. ඔබට හොඳම කෙනා ලැබේවි.

ස්තුතියි හැමදෙනාටම.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Adare karapu aya wen wena eka dukak. Eth ethin mehema thirana ganna eken duk widinne demawpiyo.

·

Ekane jeewaya dunne demapiyo.jeewithayak labennath godak pin karanna oni.ehema jeewithye watinakama terum ganna oni

අවුරුදු දාසයේදි ඔය දේවල් තේරුම් ගන්න තරම් පරිනත කමක් නෑනෙ. ඒනිසා හොදම දේ ඔය කාලෙදි සම්බන්දතා වලින් වැලකිලා ලොකු උනාම තමන්ට තේරෙන කාලෙදි ගැලපෙන කෙනෙක් හොයාගන්න එක.

·

Eyalata oya de terum karanna amarui. Guide karannama oni

මන් ලගදිත් වීඩියෝ එකක් දැක්ක පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයිත් මැරිල තිබ්බ , මිනිස්සු කොච්චර ප්‍රශ්න එක්ක ජීවත් වෙනවද ඒත් ඔය වගේ ප්‍රශ්න වලදිම ඔහොම තීරන ගන්නව කියන්නෙනම් කරන ලොකුම මෝඩකමක් 😐

·

Kalayath ekka madya godak dewal dan pennanawane.lamainge baya seka nethi wela.

වයසට සරිලන් නැති අත්දැකීම ගන්න ගියාම තමා ඔය වගේ දේවල් කරගන්නෙ. ඒනිසා කාලෙ ආවම ඒ කාලෙට අදාල දේවල් කරන්න හිතා ගත්තනං..ඔහොම දේවල් වෙනව අඩුයි.

·

Lamai samajeth ekka aseemithawa sambanda wenawa wedi

Lamai modakamata oya wage dewal karanawa. eth ewagen eyalage sharireta wena haniya terenakota parakku wadi.

·

Ekane.amma thaththa piti passenma inna oni kalayak me.

lamai moleta wada hadawathata thena dunnama ohoma wenawa.. demawpiyoth lamaita mewa kiyala denna ona podi kalema. Aparadayak itin penadol bona eka. Mewai vipaka lebene thawa kal gihin😥

·

Media godak videos eliyata danawa lamai karana me wage weradi pennala.lamainta ganak na e nisa

Fantasy walata purudu karama ohoma thamai...Jiwithaya dakinna hari therum ganna hari lamainta purudu karanna wenawa... Oya lamain weradi nehe...Demawpiyan thamaa...

·

Illana illana de,asa hema dema aduwak nethiwa dunnma lamainta terum geniima nethi wenawa.aththa terum karawanna oni.

එයාල හිතන්නෙ..ඒයාලගෙ ඒ අවස්තාව ගැන විතරයි..ඊට පස්සෙ වෙන දේවල් හිතන් නැති එකයි මේකට හේතුව.🙄🙄🙄

·

Wipakevbarapathalakama eya witharak nowe wate ayatat windawanna wenawa