ආයුබෝවන් යාලුවනේ,
කොහොමද ඔයාලට, හැමදෙනාම පරිස්සමින්, සතුටින් ඇති කියලා විශ්වාස කරනවා. මේ කතාව අපේ ඥාතියකුට වුණු වැඩක්. අපේ ගෙදර ළඟමයි ඔවුන් ඉන්නේ. මේ කතාව මේ විදියට පටන් ගන්නම්. මේ කථානායිකාවගේ සැමියා විදේශගත වෙලා තමයි රැකියාව කරන්නේ. ඔහුගේ සහෝදරියගේ ගෙදරත් ඔවුන්ගේ ගෙදර ගාවමයි තියෙන්නේ. ඇයගේ සැමියා විදේශගත වෙලා තමයි රැකියාව කරන්නේ. හරියටම ඊයෙ දවසට කලින් දවසේ මේ කතානායිකවගේ ගෙදරට හොරෙක් ඇවිත්. එදින රාත්‍රියේ ගෙදර ඉදලා තියෙන්නෙ කතානායිකාවත්,ඇගේ දරුවත්, ඒ වගේම ඥාතීන් නැන්දනියකුත් පමණයි. මේ ඥාති නැන්දණිය ඒ පවුලේ හැම දේකදිම ඉන්නවා. දවසකට එක වතාවක් හරි එනවා. හතර වටේම අඩි පහකටත් වඩා උස තාප්පයකින් තමයි මේ ගෙදර වට වෙලා තියෙන්නේ. මේ කතා නායිකාවගේ සැමියත් මීට මාසයකට කලින් නිවාඩු ලබා ලංකාවට ආවා. ඒ ඔහුගේ පියාගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහා. ඉතින් මේ සිද්ධිය වෙන දවසේ මේ කතානායිකාවගේ ( ගෙදර ලේලි ) සැමියා, ඔහුගේ සහෝදරිය සමගින් ඔවුන්ගේ මවත් සමඟ උදෑසනින්ම පිටත්වෙලා කොළඹ යාම සඳහා. ඒ කිනම් හෝ අවස්ථාවකට වෙන්න ඇති. මේ ගෙදර සිද්ධිය වුණු කතා නායිකාව සෑම දිනකම රාත්‍රියේ 10ත් 11ත් අතර නිවසින් එළියේ තිබෙන වොෂ් රූම් එකට යනවලුු ( සිද්ධිය වුණාට පසුව දැනගත්තෙමි ).
ඉතිං එදිනත් ඇය ඒ ආකාරයෙන්ම එළියේ තියෙන වොෂ් රූම් එකට ගිහින්. ඒ අතර වාරයේ හොරා ගේ ඇතුලට ඇවිත්. ඇය වෙනදා නිදාගන්න නිදන කාමරය වෙනුවට වෙනත් කාමරයක් පාවිච්චි කරලා. මොකද ඥාති නැන්දනියකුත් හිටිය නිසා. දැන් හොරා ගේ ඇතුලේ. ඇයත් ආවා ගේ ඇතුලට. දොර වැහුවා. කාමරේට ගියා. නිදා ගත්තා. මෙතැන් සිට ඇය සිද්ධිය විස්තර කළ අයුරින් විස්තර කරන්නම්.
"ටික වෙලාවක් යනකොට මට ආව මත්ද්රව්යක ගඳක්. ආයේ දුම්පානය කරන ගඳක් වහනය උනා. මම නැන්දාට කිව්වා නමුත් නැන්දාට හෙම්බිරිස්සාව. තව මොහොතකින් මට ඇහුණා අල්මාරියේ යතුර වැටෙන හඬක්. මම කල්පනා කරා. නමුත් අපේ ගෙදර මායිමේ තිබෙන ගෙදර අල්මාරිය අරින වහන හඬත් ඇහෙන නිසා මම ඒ තරම් හිතුවේ නැහැ. මට ආයෙ ඇහුණා පුටුවක් තල්ලු වුනා වගේ. මං එනකොට දොර ඇරලා. මම දොර වැහුවා. ක්ෂණයෙන් මම දැක්කා සම්පූර්ණයෙන්ම කළු ඇඳුමකින් සැරසුණ කෙනෙක් ශීතකරණය ගාව ඉන්නවා. ඇසිල්ලකින් ඔහු මට මිරිස් කුඩු ගහලා, මගේ බෙල්ලෙන් අල්ලා ගත්තා. දැන් මට කෑ ගහන්නත් බෑ. ඔහු මගේ කරමාලය කඩාගත්ත. දොර ඇර ගත්තා. දිව්වා". ඔන්න ඔහොමයි ඇය විස්තර කළේ. වටපිටාවේ දෙයක් සිද්ධ වුණත් ඇත්තටම අපිට ඇහෙන්නේ නෑ. මොකද වටේම ඉන්න බල්ලෝ 10ක් 15ක් බුරන හඬ ඇහුණම වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නෑ. පස්සේ හැමෝම එකතු වෙලා බැලුවොත් හොරාව නම් හොයාගන්න බැරි උනා.
මම මේ කතාව ඔයාලට කිව්වේ යමක් ඉගෙන ගැනීමටයි. සැකකටයුතු අවස්ථාවක, හදිසි අවස්ථාවක,තනිව හිඳින අවස්ථාවක බුද්ධිමත්ව හැසිරිය යුතු ආකාරය නැවත, නැවතත් සිහිපත් කරන්නටයි.
ස්තුතියි හැමදෙනාටම.
thank you..... apiwa danueath kalata...
me kale oya wage siddi hamathanama.aduwak kiyala naa.
Eth thamange dawal nethi nowenna waga bala ganna oni
ඔව් ඒක ඇත්ත..
Hammooo baya hituna ekatanm. mama reta janel aragenath wada karanwa.. ape ammath hari bayai. eya okkoma wahalada balanwa nidaganna kalin.
Bayai thamai.eth duk mahansiyen aurudu ganak upayala gattu dewal sulu mohotakin neti kara ganna epa,awadanayai,selakillai wadagath.
අම්මෝ..... බය හිතෙනවනෙ...
Baya wenna epa,selakillen inna
මේවා අහුවමනම් බය හිතෙනවා ඇත්තටම...
Baya una wagema thamange de parissam kara ganna oni nisai unu de e widiyatama kiwe
Dan minissunta thiyena arthika prashna ekka me wage waradi wada walata pelabenawa wadi.